
ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අරඹයි
ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද (1) ආරම්භ වී තිබෙනවා.
මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදුවන අතර, එසැණින් ප්‍රතිඵල ද නිකුත් කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අවසන් අදියරේදී ආසන 57 ක් වෙනුවෙන් මැතිවරණ පැවැත්වෙනවා.
උත්ත්ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි ආසනයද ඒ අතර වනවා.
වරණාසි ආසනය යනු ඉන්දියාවේ වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආසනයයි.
ඒ අනුව 2014 වසරේ සිට වරණාසි ආසනයේ බලය තහවුරු කරගෙන සිටින්නේ ඉන්දියාවේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.