ඉන්දීය මුහුදේ ගිනිගත් නැවේ 4 ක් අතුරුදන්
තෙල් කාන්දුව සහ සුන්බුන් ගැන අනතුරු ඇඟවීමක්

ඉන්දීය මුහුදේ ගිනිගත් නැවේ 4 ක් අතුරුදන්

කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි නගරයට යමින් තිබූ MV Wan Hai 503 යානය ඊයේ [09] දිනයේදී අභ්‍යන්තර බහාලුම් පිපිරීමක් වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු තවමත් අතුරුදහන් වී තිබෙනවා.
දකුණු දිග කේරළ ප්‍රාන්තයේ වෙරළට නුදුරින් අරාබි මුහුදේ සිංගප්පූරුවේ ධජය සහිතව මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ හටගත් ගින්න මැඩපැවැත්වීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය අඛණ්ඩව උත්සාහ ගනිමින් සිටින බව වා‍ර්තා වුණා.
කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු බේරාගෙන ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය වීමට සිංගප්පූරුව කණ්ඩායමක් එවා තිබෙනවා.
සාගර තොරතුරු සේවා සඳහා වූ ඉන්දියානු ජාතික මධ්‍යස්ථානය (INCOIS) නෞකාවේ ඇති විය හැකි තෙල් කාන්දුව සහ සුන්බුන් හේතුවෙන් කේරළ වෙරළ තීරයට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Share This