ඉන්දීය සන්නද්ධ හමුදාවෙන් පකිස්ථානයට මිසයිල ප්‍රහාර

ඉන්දීය සන්නද්ධ හමුදාවෙන් පකිස්ථානයට මිසයිල ප්‍රහාර

පාකිස්තානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීර් පළාතේ ත්‍රස්තවාදී ඉලක්ක 9 ක් වෙත ඉන්දීය සන්නද්ධ හමුදාව අද (07) අලුයම මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති බවත් ඉන් පාකිස්තාන ජාතිකයන් 8 දෙනකු මියගොස් 35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන්දීය හමුදා ප්‍රහාර එල්ල කළ ස්ථාන 9 අතර ත්‍රස්තවාදී සංවිධාන කිහිපයක බළකොටුද තිබෙන බවද සඳහන්.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය හමුදාව ‘සින්දූර් මෙහෙයුම’ යටතේ මෙම ප්‍රහාර මාලාව අද (07) අලුයම 1.44 ට පමණ එල්ල කර තිබෙනවා.

ඉන්දීය හමුදා එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය ගුවන් හමුදවට අයත් ප්‍රහාරක ජෙට් යානා තුනක් පාකිස්තාන හමුදා විසින් වෙඩි තබා බිම හෙළා ඇති අතර ඉන් ප්‍රහාරක ජෙට් යානා 2 ක් බිම දමා ඇත්තේ ඉන්දීය භූමිය තුළදී බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.

ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව එල්ල කළ ප්‍රහාරය යුද ප්‍රකාශ කිරීමක් බවත් එයට ප්‍රතිචාර දැක්වීමට පාකිස්තානයට සම්පූර්ණ අයිතිය තිබෙන බවත්ය.

Share This