ඉන්දුනීසියානු ජනපති ඕස්ට්‍රේලියාවට

ඉන්දුනීසියානු ජනපති ඕස්ට්‍රේලියාවට

ඉන්දුනීසියාවේ ජනාධිපති Joko Widodo ඕස්ට්‍රේලියාව වෙත පැමිණ තිබෙනවා.

දින 3ක නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව වෙත පැමිණ ඇති ඉන්දුනීසියානු ජනාධිපතිවරයා මෙම සංචාරය තුළ දී එරට බලශක්ති ක්ෂේත්‍රයේ නව වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමට නියමිත බව සදහන්.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා මෙම සංචාරය වඩාත් වැදගත් වනු ඇති බවයි.

ඉන්දුනීසියාවේ ජනාධිපති Joko Widodo ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share This