ඉන්දුනීසියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය ළමුන් 54 දක්වා ඉහළට  – 13 ක් අතුරුදන්

ඉන්දුනීසියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය ළමුන් 54 දක්වා ඉහළට – 13 ක් අතුරුදන්

ඉන්දුනීසියානු පාසලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව සඳුදා 54 දක්වා ඉහළ ගොස් ඇති බව නිලධාරීන් පැවසූවා.

බේරාගැනීමේ කණ්ඩායම් තවමත් අතුරුදහන් වූවන් අතුරින් දුසිමකට අධික සංඛ්‍යාවක් සොයමින් සිටින බව එරට බලධාරීන් සඳහන් කළා.

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ බහු මහල් ගොඩනැගිල්ලක කොටසක් පසුගිය සතියේ දහවල් යාඥා සඳහා සිසුන් රැස්ව සිටියදී හදිසියේම කඩා වැටුණා.

අද උදෑසන වන විට, ශරීර කොටස් පහක් ඇතුළුව මියගිය වින්දිතයින් 54 දෙනෙකු සොයා ගත් බව ජාතික සෙවුම් සහ ගලවා ගැනීමේ ඒජන්සියේ (බසාර්නාස්) මෙහෙයුම් අධ්‍යක්ෂ යුධි බ්‍රමන්ටියෝ මාධ්‍ය හමුවකදී පැවසුවා.

ඉස්ලාමීය නේවාසික පාසලේ සුන්බුන් අතර ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් පැය විසිහතර පුරාම වැඩ කරමින් සිටින අතර “අද යථාතත්ත්වයට පත් කිරීම අවසන් කළ හැකි වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු පළ කර තිබෙනවා.

මෙම කඩා වැටීම මේ වසරේ මේ දක්වා ඉන්දුනීසියාවේ සිදු වූ මාරාන්තිකම ව්‍යසනය බව ජාතික ආපදා ඒජන්සියේ (BNPB) නියෝජ්‍ය ප්‍රධානී බුඩි ඉරාවන් පවසනවා.

අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බව ඔහු තවදුරටත් පැවසුවා.

ඉහළ ජාවා හි අල් කොසිනි ඉස්ලාමීය නේවාසික පාසල පසුගිය සඳුදා ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබියදී කඩා වැටුණු විට එහි සිටි සිසුන් සිය ගණනක්,අතරින් වැඩි දෙනෙක් නව යොවුන් වියේ පිරිමි ළමුන්, එහි යාඥා සඳහා රැස්ව සිටි‍යා.

විමර්ශකයින් තවමත් කඩා වැටීමට හේතුව සොයා බලමින් සිටින අතර ඇතැම් නිලධාරීන් පවසන්නේ දෙමහල් ගොඩනැගිල්ල එහි අත්තිවාරම අස්ථායී බැවින් කඩා වැටුණු බවයි.

 

 

Share This