
ඉන්දු – ශ්‍රී ලංකා විදෙස් ඇමතිවරු සාකච්ඡාවක
අටවන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා
සිය X ගිණුමේ ඡායාරූපයක් සමඟ සටහනක් තබමින් අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසා ඇත්තේ පුළුල් පරාසයක සහයෝගීතාව පිළිබඳව සමාලෝචනය කළබවත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රගතිය සඳහා කැපවී සිටින බවයි
එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා
එහිදී ඉන්දියානු සාගර කලාපයේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කාරිත්වයන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් කලාපීය සහයෝගීතාව සහ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ