ඉන්ධන ප්‍රවාහන දුම්රියක් ඉන්දියාවේදී ගිනි ගනී

ඉන්ධන ප්‍රවාහන දුම්රියක් ඉන්දියාවේදී ගිනි ගනී

ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක අද(13) අලුයම ගින්නක් හට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද අලුයම 05.30ට පමණ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගිනි නිවන සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ගින්න මැඩ පැවැත්වීම සඳහා ක්‍රියාකරමින් පවතින බවත් ,කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියේ තෙල් ටැංකි තුනක් පිලී පැනීමෙන් ඇතිවූ ඉන්ධන කාන්දුවෙන් පසුව මෙම ගින්න හට ගෙන ඇති බවයි.

Share This