
ඉන්ධන මිල සංශෝධනය කෙරේ
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා
ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 299ක්
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 361ක් වන බව සඳහන්
කෙසේ වෙතත් ලංකා සුදු ඩීසල්, ලංකා සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිලෙහි සංශෝධනයක් සිදු කර නැහැ