
ඉන්ස්ටග්‍රෑම් නිසා තාත්තා ටෙනිස් ශූර දුවට වෙඩි තියලා
ඉන්දියාවේ ජාතික මට්ටමේ ටෙනිස් ක්රීවිකාවක ඇගේ පියා වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
ගුරුග්‍රෑම් හි සුෂාන්ත් ලොක්හිදී අද (10) තම දියණිය වන රාධිකා යාදව් නම් ටෙනිස් ක්‍රීඩිකාවට වෙඩි ප්‍රහාර පහක් ඇගේ පියා එල්ල කළ අතර, ඉන් තුනක් ඇයට වැදී ඇතැයි එරට පොලීසිය පවසනවා.
ඔවුන් ජීවත් වී ඇත්තේ ගුරුග්‍රෑම් හි සුෂාන්ත් ලොක්-අදියර 2 හියි.
තම දියණිය ඉන්ස්ටග්‍රෑම් හි වීඩියෝ සෑදීමට ඇබ්බැහි වීම ගැන පියා කලකිරී සිට ඇති බව වාර්තා වුණා.
රාධිකා රාජ්‍ය මට්ටමේ ටෙනිස් ක්‍රීඩිකාවක් වූ අතර තරඟ කිහිපයක් ජයග්‍රහණය කර තිබූ බව වාර්තා වුණා.
25 හැවිරිදි මෙම ටෙනිස් ක්‍රීඩිකාව ඇගේ නිවස තුළ වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය සදහන් කළ අතර පසුව ඇගේ පියා ,තුවක්කුව සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.