
ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ වාහන තුනක් එකිනෙක ගැටී අනතුරක් (VIDEO)
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ වාහන තුනක් එකිනෙකට ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදුවුණා.
එම අනතුරින් හත් දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දුම්රිය ගමන් කිරීමට මාර්ගය වසා තැබීම නිසා වාහන දෙකක් නවතා තිබී දී කන්ටේනර් රථයක් පැමිණ නවතා තිබූ වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී වෑන් රථයද ගොස් බවුසරයක ගැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කලා.