ඉම්රාන් ඛාන්ගේ ඇප දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප වෙයි

ඉම්රාන් ඛාන්ගේ ඇප දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප වෙයි

නඩු 6කට අදාළව ඉම්රාන් ඛාන්ට ලබාදුන් ඇප දීර්ඝ කිරීම පාකිස්ථාන අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා

එහිදී විනිසුරු මුහම්මද් සොහයිල් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ පසුගිය වසරේ පාර්ලිමේන්තු ඡන්දයකින් බලයෙන් පහ කරන ලද හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම නඩුවලට අදාළ විමර්ශනයට සම්බන්ධ වන්නේ නම් එය පහසු බවයි.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව ඉම්රාන් ඛාන්ගේ ඇප කාලය දීර්ඝ කළ නොහැකි බවද විනිසුරුවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා

මෙම වසරේ දූෂණ නඩුවක් සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග රටේ බොහෝ ප්‍රදේශවල ආරක්ෂක සහ හමුදා ස්ථාන වෙත පක්ෂ ආධාරකරුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් ප්‍රචණ්ඩ විරෝධතාද ඇතිවුණා

පසුව, පාකිස්ථාන මැතිවරණ කොමිසම (ECP) ඔහු වරදකරු වීමෙන් පසු වසර පහකට රාජ්‍ය නිලතල දැරීමද අත්හිටවනු ලැබුවා

Share This