ඉම්රාන් ඛාන්ගේ දේශපාලන උපදේශකවරයා පැහැරගනී

ඉම්රාන් ඛාන්ගේ දේශපාලන උපදේශකවරයා පැහැරගනී

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දේශපාලන උපදේශකවරයා නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

ලාහෝරයේ දී ඔහු මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්ථානයේ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂ නායක ෂාබාස් ගිල්ගේ වැඩිමහල් සහෝදරයා වන ගුලාම් ෂබීර් ද පසුගියදා ඉස්ලාමාබාද් වෙතයමින් සිටියදී පැහැරගෙන ගොස් තිබුණා.

ඉම්රාන් ඛාන් 2022 අප්‍රේල් මාසයේදී නෙරපා හැරීමෙන් පසු ඔහුට එල්ල වූ නඩු 200කට ආසන්න සංඛ්‍යාවකට වරදකරු වීමෙන් පසු. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට සිරගතව සිටිනවා.

Share This