‘ඉයන්ගේ’ බලපෑමෙන් ෆ්ලොරිඩාවේ 100කට ආසන්න ගණනක් මරුට

‘ඉයන්ගේ’ බලපෑමෙන් ෆ්ලොරිඩාවේ 100කට ආසන්න ගණනක් මරුට

ඉයන් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව ෆ්ලොරිඩාවේ 100කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගලවා ගැනීමේ නිලධාරීන් දිවි ගලවා ගත් අය සෙවීම සඳහා කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ජනාධිපති ජෝ බයිඩන් බදාදා(05) දිනයේ ෆ්ලොරිඩාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවත් වාර්තා වී ඇති මරණවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ලී ප්‍රාන්තයේන් බවත් වාර්තා වනවා

මේ අතර ඉයන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු කැරොලිනාවේ තවත් මරණ හතරක් තහවුරු වී තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

කොල්ලකෑම් සිද්ධීන් වාර්තා වීමෙන් පසු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This