ඉරානයෙන් – ඊශ්‍රායලයට පොකුරු බෝම්බ

ඉරානයෙන් – ඊශ්‍රායලයට පොකුරු බෝම්බ

ඊශ්‍රායල ඉරාන යුද්ධය නවවන දිනටත් ඇවිලී යද්දී ඉරානය ඊශ්‍රායලයට පොකුරු බෝම්බ ප්‍රහාර එල්ල කිරිමට පියවර ගෙන තිබෙනවා.

ඊශ්‍රායලයද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් තිබෙන පසුබිමක අද ඉරානයට රික්ටර් මාපාංක 5.2ක භූකම්පනයක බලපෑම්ද එල්ල වුණා.

තෙවන ලෝක යුද්ධයකට ඉගිකරන මැදපෙරදිග යුදමය වාතාවරණය අඛණ්ඩව අද 9 වැනි දිනටත් සිදුවනවා.

දෙරට අතර වන යුද්ධයේදී පලමු වරට ඉරානය ඊශ්‍රායලයේ ටෙල් අවිව්, බියර්ෂෙබා සහ අෂ්කෙලොන්,හොලොන් වැනි ජනාකීර්ණ ප්‍රදේශවලට පොකුරු බෝම්බ හෙලීම සඳහා cluster-tipped ballistic මිසයිල යොදාගෙන තිබුණා.

ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ 2025 වසරේ දී එල්ල වූ වඩාත්ම විනාශකාරී ප්‍රහාරය මෙය බවයි.

මෙම නව බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායලය සතු අයන් ඩෝම්, ඩේවිඩ්ස් ස්ලිං සහ ඇරෝ 3 වැනි ආරක්ෂක පද්ධතිවල ක්‍රියාරීත්වයද පහත වැටුණු අතර බෝම්බ ගණනාවක් ගොඩනැගිලි මතට පතිත වුණා.

ඉරාන මිසයිල ප්‍රහාරයකින් හයිෆා හි පැරණිතම මුස්ලිම් දේවස්තානක් ලෙස සැලකෙන 1761 වසරේදී ඉදිකර ඇති අල් ජරිනා දේවස්තානයටද හානි සිදුව තිබුණා.

ඊශ්‍රායලයද ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබූ අතර එම ප්‍රහාරවලින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ මිනිසුන් රහිත ගුවන් යානා ඒකකයේ දෙවන අණදෙන නිලධාරියෙකු ඝාතනය කල බව ඊශ්‍රායලය තහවුරු කර තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විට දෙරට අතර වූ යුද්ධය හේතුවෙන් ඉරානය තුල 657 දෙනෙකුට දිවි අහිමි වී ඇති අතර ඊශ්‍රායලය තුල මිය ගිය සංඛ්‍යාව දැක්වෙන්නේ 29ක් ලෙසයි.

මේ අතර අද ඉරානයේ සෙම්නාන් සිට කිලෝමීටර් 37ක් නිරිත දෙසින් ෆෝර්ඩෝ න්‍යශ්ටික බලාගාරයට ආසන්නයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් රික්ටර් මාපක 5.1ක භූකම්පනයක් හටගෙන තිබූ අතර ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ ඊශ්‍රායලය ඉරානයේ න්‍යශ්ටික මධ්‍යස්තානවලට එල්ල කල ප්‍රහාරවල බලපෑමෙන් මෙවන් තත්ත්වයක් අති වූයේද යන්න පිලිබද මේ වන විට සැක මතුව ඇති බවයි.

මෙවන් පසුබිමක අදත් ඊශ්‍රායලයට එරෙහිව ඉරානය, ඉරාකය සහ ලෙබනනය යන රටවල විරෝධතා පවත්වා තිබුණා.

ඊශ්‍රායලයද ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබූ අතර එම ප්‍රහාරවලින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ මිනිසුන් රහිත ගුවන් යානා ඒකකයේ දෙවන අණදෙන නිලධාරියෙකු ඝාතනය කල බව ඊශ්‍රායලය තහවුරු කර තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විට දෙරට අතර වූ යුද්ධය හේතුවෙන් ඉරානය තුල 657 දෙනෙකුට දිවි අහිමි වී ඇති අතර ඊශ්‍රායලය තුල මිය ගිය සංක්‍යාව දැක්වෙන්නේ 29ක් ලෙසයි.

මේ අතර අද ඉරානයේ සෙම්නාන් සිට කිලෝමීටර් 37ක් නිරිත දෙසින් ෆෝර්ඩෝ න්‍යශ්ටික බලාගාරයට ආසන්නයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් රික්ටර් මාපක 5.1ක භූකම්පනයක් හටගෙන තිබූ අතර ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කල ප්‍රහාරවල බලපෑමෙන් මෙවන් තත්ත්වයක් අති වූයේද යන්න පිළිබද මේ වන විට සැක මතුව ඇති බවයි.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.

මෙවන් පසුබිමක අදත් ඊශ්‍රායලයට එරෙහිව ඉරානය, ඉරාකය සහ ලෙබනනය යන රටවල විරෝධතා පවත්වා තිබුණා.

Share This