ඉරානය, ඊශ්‍රායලයට සංචාරයට කරන්න එපා – ඉන්දීය විදේශ අමාත්‍යාංශයෙන් උපදෙස්

ඉරානය, ඊශ්‍රායලයට සංචාරයට කරන්න එපා – ඉන්දීය විදේශ අමාත්‍යාංශයෙන් උපදෙස්

ඉරානය, ඊශ්‍රායලය යන රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස ඉන්දීය විදේශ අමාත්‍යාංශය සිය පුරවැසියන්ට උපදෙස් ලබා දී තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ කලාපයේ පවතින තත්ත්වය, සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු ඉරානයට සහ ඊශ්‍රායලයට සංචාරය නොකරන ලෙස ඉන්දීය පුරවැසියන්ට උපදෙස් ලබා දී ඇති බවයි

පසුගියදා සිරියාවේ පිහිටි සිය තානාපති කාර්යාලයට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටයි ඉරානය සඳහන් කර ඇත්තේ.

මේ හේතුවෙන් එක්සත් ජනපදය සහ රුසියාව ඇතුළු රටවල් ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සහ කලාපයේ පුරවැසියන් සඳහා සංචාරක උපදේශන නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This