ඉරාන අගනුවර, ටෙහෙරානයට ඊශ්‍රායලයෙන් දැඩි ප්‍රහාරයක්

ඉරාන අගනුවර, ටෙහෙරානයට ඊශ්‍රායලයෙන් දැඩි ප්‍රහාරයක්

ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ නවතම දර්ශනවලින් අහස දෙසට නැඟී එන දැවැන්ත දුම් වලාකුළක් පෙන්නුම් කරන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මෙයින් පෙන්නුම් කරන්නේ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද නව මිසයිල ප්‍රහාරවල දර්ශන බව එඋ වාර්තා වැඩිදුරටත් පවසනවා.

මෙම වාර්තාවලට අනුව, නගරයේ ඝෝෂාකාරී පිපිරීම් ඇසෙන බවත්, ටෙල් අවිව් හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වෙමින් පවතින බවත් ජාත්‍යන්තර මාධ්‍ය අවධාරණය කළා.

ඉරානයේ රජයට අයත් ප්‍රෙස් ටීවී නාලිකාවේ නිකුත් කරන ලද දර්ශනවලින් ටෙහෙරානයේ කාර්යබහුල අසල්වැසි ප්‍රදේශයකින් ඝන දුමාරයක් නැඟී එන බවට මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් පවසනවා.

ඉරාන ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව පැවසුවේ ඊශ්‍රායලය, ටෙහෙරානයේ සහ ඉන් ඔබ්බට පිහිටි ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ආයතනවලට, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ සහ පොලිස් බුද්ධි අංශවල පහසුකම් ඇතුළුව ප්‍රධාන ඉලක්ක වෙත ප්‍රහාර දියත් කර ඇති බවයි.

අල් ජසීරා වාර්තාවකට අනුව, ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ඔවුන් ටෙහෙරානයේ ඉලක්ක වෙත් ප්‍රහාර එල්ල කරන බව සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක අණදෙන මධ්‍යස්ථාන ඉලක්ක කරන බවයි.

Share This