ඉරාන අත්අඩංගුවේ සිටි ප්‍රංශ ජාතික බැංකු උපදේශකයා නිදහස්

ඉරාන අත්අඩංගුවේ සිටි ප්‍රංශ ජාතික බැංකු උපදේශකයා නිදහස්

වසර දෙකකට ආසන්න කාලයක් ඉරානයේ රැඳවුම් භාරයේ සිටි ප්‍රංශ බැංකු උපදේශකයෙකු නිදහස් කිරීමෙන් අනතුරුව අද(13) පැරිසියට පැමිණ තිබෙනවා.

ප්‍රංශ බැංකු උපදේශකයෙකු වූ 30 හැවිරිදි ලුවී ආර්නෝඩ් 2022 සැප්තැම්බර් මාසයේදී ඉරානයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ රාජ්‍ය විරෝධී විරෝධතාවලට සහභාගී වීම සහ රාජ්‍ය විරෝධී ප්‍රචාරණ කටයුතු සඳහා දායක වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුව Arnaud හට 2023 දී වසර පහක සිර දඬුවමක් නියම කළ බව සඳහන්.

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron තම X ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ Louis Arnaud දැන් නිදහස් යන්නයි.

Arnaudගේ නිදහස තහවුරු කර ගැනීමට ඕමානය ලබාදුන් සහය ගැන ස්තූති කළ ජනාධිපතිවරයා තවත් ප්‍රංශ සිරකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස ඉරානයෙන් ඉල්ලා තිබෙනවා.

අනෙක් තිදෙනා වන්නේ ගුරුවරියක් වන Cécile Kohler සහ ඇයගේ සහකරු Jacques Paris යන අයයි.

අනෙක් Olivier යන නම ඇති පුද්ගලයෙක් බවට තහවුරු වී තිබෙනවා.

Arnaud මහතා රඳවාගෙන සිටියේ ටෙහෙරාන් අගනුවර පිහිටි කුප්‍රකට Evin බන්ධනාගාරයේ වන අතර මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විසින් දීර්ඝ කාලයක් තිස්සේ එය විවේචනයට ලක් කර තිබෙනවා.

පසුගිය මාස කිහිපය තුළ පැරිස් සහ ටෙහෙරානය අතර ද්විපාර්ශ්වික සබඳතා පිරිහී ඇති බැවින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

ප්‍රංශය පවසා ඇත්තේ තම පුරවැසියන් රඳවා තබා ගැනීම රාජ්‍ය ප්‍රාණ ඇපයට ගැනීම හා සමාන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් බවයි.

Share This