ඉරාන ජනපති වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගුයි

ඉරාන ජනපති වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගුයි

අද දිනට (21) යෙදී ඇති ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් පැවැත්වීමට කටයුතු යොදා තිබු ජාත්‍යන්තර තේ දින සැමරුම් වැඩ සටහන අවලංගු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

ඉරාන ජනපතිවරයාගේ හදිසි අභාවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ජාත්‍යන්තර තේ දින උත්සවය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය පියවර ගෙන තිබෙන බව සඳහන්.

Share This