ඉරාන ජනාධිපති ගමන් ගත් හෙලිකොප්ටරය සොයා විශේෂ මෙහෙයුමක්

ඉරාන ජනාධිපති ගමන් ගත් හෙලිකොප්ටරය සොයා විශේෂ මෙහෙයුමක්

ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

කෙසේ වෙතත් අධික මීදුම ඇතුළු අයහපත් කාලගුණික තත්ත්වයන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා පමුණුවන අතර හෙලිකොප්ටරය තවමත් අතුරුදන්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ

එමෙන්ම ඉරාන රාජ්‍ය රූපවාහිනී වාර්තාකරු පවසා ඇත්තේ ප්‍රදේශයේ මාර්ග කාපට් නොකිරීම සහ වර්ෂාවෙන් පොළව මඩ බවට පත් කිරීම හේතුවෙන් මෙහෙයුම් තවදුරටත් දුෂ්කර වී ඇති බවයි.

ඉරානයේ වයඹ දෙසින් පිහිටි අසර්බයිජාන් දේශ සීමාවට ගොස් ආපසු එන අතරමගදී අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම යානය හදිසියේ ගොඩබා ඇති බවයි වාර්තා වුණේ

එමෙන්ම මේ වනවිට ඉරාන ජනතාව සිය ජනාධිපතිවරයා වෙනුවෙන් යාඥා කිරීමද ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This