ඉරාන ජනාධිපති සංචාරයකට සැරසෙයි

ඉරාන ජනාධිපති සංචාරයකට සැරසෙයි

ඉරාන ජනාධිපති Masoud Pezeshkian සංචාරයක් සඳහා ටර්ක්මෙනිස්ථානය හි සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලබන 10 වනදා ඉරාන ජනාධිපතිවරයා එම සංචාරයේ නිරත වන බවයි ඉරාන ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Habibullah Abbasi ප්‍රකාශ කර ඇත්තේ.

සුප්‍රසිද්ධ ටර්ක්මන් කවියෙකු වන Mahtimgulu Faragi ගේ 300 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සවයකට සහභාගී වීම සඳහා ඉරාන ජනපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව සඳහන්.

අදාළ සංචාරයේදී ඉරාන ජනාධිපතිවරයා ටර්ක්මන් ජනාධිපති Serdar Berdimuhammedov සහ Turkmenistan හි අනෙකුත් නිලධාරීන් සමඟ ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව තවත් රටවල් කිහිපයක නායකයින් සහ නිලධාරීන් සමග ද ඉරාන ජනාධිපති Masoud Pezeshkian සාකච්ඡා පවත්වනු ඇති

Share This