ඉෂාරාට වැලිපැන්නේ රැකවරණ දුන් අලුත්ගම පොලිසියේ කොස්තාපල් ,නැන්දම්මා ඇතුළු 4 ක් අත්අඩංගුවට (VIDEO)

ඉෂාරාට වැලිපැන්නේ රැකවරණ දුන් අලුත්ගම පොලිසියේ කොස්තාපල් ,නැන්දම්මා ඇතුළු 4 ක් අත්අඩංගුවට (VIDEO)

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසු මෙරට සැඟව සිටීමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව්දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණේමුල්ල සංජීව ඝාතන සැලසුමට අදාළව සැකකාරිය විසින් භාවිත කළ දුරකථනයද ගම්පහ ප්‍රදේශයේ වළ දමා තිබියදී විමර්ශන නිලධාරීන් විසින් ඊයේ සොයාගත්තා.

ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා මාස තුනකට ආසන්න කාලයක් මතුගම, වැලිපැන්න, දොඩංගොඩ, මිද්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක සැකකාරිය සැඟව ජීවත්ව තිබුණා.

ඊට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්ද පද්මේගේ සමීපතමයින් වන මතුගම ශාන්, බැකෝ සමන්, සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුම සහය ලබාදී ඇති බවටයි ඇය සඳහන් කර ඇත්තේ.

ඉෂාරා, තම පෙම්වතා හරහා කෙහෙල්බද්දර පද්මේ හඳුනාගෙන තිබූ අතර, පසුව පද්මේ විසින් ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා සැකකාරියව මෙහෙයවා තිබුණා.

පද්මේ විසින්, ඉෂාරාට කමාන්ඩෝ සමිඳු නමැත්තාව ද හඳුන්වා දී තිබූ අතර, ‘කොහොම හරි ඌව අන්දගෙන වැඩේ කරගන්න’ යනුවෙන් පද්මේ විසින් සැකකාරියට පැවසූ බවයි ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ.

එමෙන්ම අදාළ ඝාතනය සඳහා ඇය කිසිදු මුදලක් නොගත් බවට පවසා ඇති අතර, පද්මේ සමඟ තිබූ හිතවත්කම මත අදාළ ඝාතනය සැලසුම් කළ බවද පවසා තිබෙනවා.

ඒ අනුව විමර්ශන වලදී හෙළිකළ පුද්ගලයින් පිළිබඳව සහ ඇය සැඟව සිටි ස්ථාන පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, මතුගම, වැලිපැන්න, දොඩංගොඩ සහ මිද්දෙණිය යන ප්‍රදේශවලට සැකකාරිය රැගෙන යමින් අදාළ ස්ථාන සහ ඊට සහය දැක්වූ පුද්ගලයින් හඳුනා ගැනීමටයි විමර්ශන නිලධාරීන් කටයුතු කළේ.

ඒ අනුව ඉෂාරාට වැලිපැන්නේ නිවසක සැඟව සිටීමට සහය ලබාදුන් අලුත්ගම පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයා, ඔහුගේ බිරිඳගේ මව, දොඩංගොඩ නිවසක සැඟව සිටීමට සහය දැක්වූ පුද්ගලයෙකු සහ මිද්දෙණියේ නිවසක සැඟව සිටීමට සහය දුන් කාන්තාවක් විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, ඉෂාරා සෙව්වන්දි සමඟ නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ නුගේගොඩ බබී නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් ලද තොරතුරු අනුව නුගේගොඩ ,ජම්බුගස්මුල්ල මාවතේ ඉඩමක වළ දමා තිබූ අත්බෝම්බ 10ක් සොයාගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ මර්දන කොට්ඨාසයට හැකිව තිබෙනවා.

Share This