
ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනගිය බෝට්ටුව හමුවෙයි
ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලායාම සඳහා යොදා ගත් බෝට්ටුව පොලිස් භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා
යාපනය ගුරු නගර් අරාළි තුඩුව මුහුදු තීරයේ තිබී එම බෝට්ටුව පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්
බෝට්ටු සපයා ඉෂාරා සෙව්වන්දිව ඉන්දියාවට පලා යාම සඳහා මඟ සැලසූ අන්තෝනිපිල්ලේ ආනන්දන් නමැත්තාට අයත් එම බෝට්ටුව පිරියන්කා නමින් හඳුන්වන අතර බෝට්ටුව අශ්ව බල 400 එන්ජිමකින් යුක්ත එකක් වනවා
ආනන්දන් නමැති එම පුද්ගලයාගේ කිලිනොච්චිය නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩද සොයාගත් බවයි වාර්තා වන්නේ
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් අන්තෝනිපිල්ලේ ආනන්දන් නමැත්තා ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම ගිනිය වජීව උණ්ඩ සහ බෝට්ටුව සොයා ගැනීමට සමත්වී තිබෙනවා
එමෙන්ම කොළඹ නුවර මාර්ගයේ තිහාරිය ඕගොඩපොළ ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අන්තෝනි පිල්ලේ ආනන්දන් නැමැති සැකකරු පැය 72ක කාලයකට රැඳයුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ පෙන්වා දීම මත ගිනි අවි සහ ජීව උණ්ඩ මෙන්ම ඉෂාරාට ඉන්දියාවට පලායාම සඳහා යොදාගත් බෝට්ටුව සොයාගෙන තිබෙනවා
එමෙන්ම මෙම සැකකරු ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලායාමට දැනට විදෙස් ගතව සිටින මොහොමත් රිස්වි නොහොත් සිලෝන් බායි යන පුද්ගලයාගේ උපදෙස් මත බෝට්ටු පහසුකම් ලබා දුන් බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ
මේ අතර සැකකාරිය ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඇයට බෝට්ටු මගින් මුහුදු මාර්ගයෙන් ඉකුත් මැයි මස 8 වෙනි දින ඉන්දියාවට පලායාමට අවශ්‍ය කටයුතු සිදු කර දුන් පුද්ගලයා වන සැකකාර අන්තෝනිපිල්ලේ ආනන්දන් නැමැත්තාගේ උපදෙස් මත එසේ විදේශ ගතවන තෙක් එම මස 06 වැනි දින දක්වා කිලිනොච්චිය උදේ නගර් බටහිර නිවසක අත්අඩංගුවට ගත් පෙරුමාල් සත්තකේෂන් නමැත්තා නවාතැන් පහසුකම් සපයා ඇතැයිද අනාවරණය වී තිබෙනවා
