ඉහළ ගිය උද්ධමනය

ඉහළ ගිය උද්ධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට 1.5 සිට 2023 නොවැම්බර් මාසයේදී සියයට 3.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී සියයට -3.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා..

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 6.8%ක් දක්වා නොවැම්බර් මාසයේ දී ඉහළ ගොස් ඇති බව සඳහන්.

Share This