ඊජිප්තුවේ සංචාරයක යෙදෙන ඉන්දීය හමුදා ප්‍රධානියා

ඊජිප්තුවේ සංචාරයක යෙදෙන ඉන්දීය හමුදා ප්‍රධානියා

ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් පාණ්ඩේ ඊජිප්තුවට පැමිණ තිබෙනවා.

ඒ තුන්දින නිල සංචාරයක් සඳහායි.

ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ දෙරටේ අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන්.

ඉන්දියාව සහ ඊජිප්තුව මේවනවිට සුහද ආරක්ෂක සබඳතා පවත්වමින් සිටිනවා.

ඉන්දියානු හමුදා ප්‍රධානියාගේ මම ඊජිප්තු සංචාරය ද එහි ප්‍රතිපලයක්.

දෙරට අතර ශක්තිමත් සබඳතා යළි තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ 74 වැනි ජනරජ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ද ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා එල්-සිසීයි.

Share This