ඊජිප්තුව Rafah හරස් මාර්ගය විවෘත කරයි – ආධාර ට්‍රක් රථ 20ක් ගාසා තීරයට

ඊජිප්තුව Rafah හරස් මාර්ගය විවෘත කරයි – ආධාර ට්‍රක් රථ 20ක් ගාසා තීරයට

ඊශ්‍රායල වටලෑම මධ්‍යයේ ගාසා තිරයට ආධාර ට්‍රක් රථ 20ක් ගෙන යාමට ඉඩ දෙමින් ඊජිප්තුව Rafah හරස් මාර්ගය විවෘත කර තිබෙනවා.

ඊශ්‍රායල වටලෑමකට ලක්ව ඇති ප්‍රදේශයේ ආහාර, බෙහෙත් සහ ජලය හිඟ වූ පලස්තීනුවන්ට අත්‍යවශ්‍ය ආධාර කුඩා ප්‍රමාණයක් ගලා යාමට ඉඩ සැලසීම සඳහා ඊජිප්තුව සහ ගාසා තීරය අතර Rafah දේශසීමා හරස් මාර්ගය විවෘත කිරීමට තීරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දළ වශයෙන් ටොන් 3,000ක ආධාර රැගත් ට්‍රක් රථ 200කට වැඩි ප්‍රමාණයක් ගාසා තීරයට යාමට සූදානම්ව දින ගණනාවක් පුරා හරස් මාර්ගය අසල නවතා තිබුණා.

අද ගෙන ගිය සහනාධාර රථ පෙළට බෙහෙත්, වෛද්‍ය සැපයුම් සහ සීමිත ආහාර සැපයුම් රැගෙන යන ට්‍රක් රථ 20 ක් ඇතුළත් වන බවයි හමාස් මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ හදිසි සහන සම්බන්ධීකාරක Martin Griffiths පවසන්නේ හැකි ඉක්මනින් සහ නිවැරදි කොන්දේසි සහිතව ගාසා තීරයට ආධාර ලබා දීමට සියලු පාර්ශ්ව සමග දින ගණනාවක් ගැඹුරු සාකච්ඡා පැවැත්වූ බවයි.

කෙසේ වෙතත් ඊජිප්තුවේ සිට අද(21) ගාසා තීරයට ඇතුළු වන ආධාර තොගවලට ඉන්ධන ඇතුළත් නොවන බවයි ඊශ්‍රායලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This