ඊජිප්තු ජනාධිපති තුන්වන වරටත් සටනට

ඊජිප්තු ජනාධිපති තුන්වන වරටත් සටනට

ඊජිප්තු ජනාධිපති Abdel Fattah el-Sissi තුන්වන වරටත් ජනාධිපතිවරණය සඳහා තරග වදින බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ඊජිප්තු ජනාධිපතිවරණය සඳහා ඔහු ඉදිරිපත් වනු ඇති.

දෙසැම්බර් 10 වනදා සිට 12 වනදා දක්වා ඊජිප්තු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර එහිදී කිසිදු අපේක්ෂකයෙකු 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නේ නම්, ජනවාරි 8-10 දක්වා දෙවන වටයක් ද පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

උග්‍ර වූ ආර්ථික අර්බුදයක් හමුවේ ඊජිප්තු ජනාධිපතිවරණය පැවැත්වීම විශේෂත්වයක් වනවා.

Share This