ඊශ්‍රායලයට සහය වෙමින් දහස් ගණනක් වොෂින්ටනයට

ඊශ්‍රායලයට සහය වෙමින් දහස් ගණනක් වොෂින්ටනයට

හමාස් සංවිධානයට එරෙහි සටනේදී ඊශ්‍රායලය සමග සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට සහ යුදෙව් විරෝධය හෙළා දැකීමට දස දහස් ගණනක් ජනයා Washington, DC හි රැළියකට එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“March for Israel” ලෙසින් සංවිධානය කර තිබූ එම රැළිය DC හි ජාතික වෙළඳ සංකීර්ණයේ දැඩි ආරක්ෂාවක් යටතේ පවත්වා තිබෙනවා.

රැළියට සම්බන්ධ වූවන් අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ ධජ ලෙළවමින් ඔවුන්ගේ සහයෝගය පළකර තිබෙනවා.

බොහෝ දෙනෙක් විරෝධතා පුවරු ඔසවමින් කියා සිටියේ ඔක්තෝම්බර් 7 ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාරයේදී වහල්භාවයට ගෙන ඇති ප්‍රාණ ඇපකරුවන් 200 ක් නිදහස් කරන ලෙසයි.

Share This