ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඊශ්‍රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව වලදී ආරක්ෂාව ගැන සැලකිලිමත්වන ලෙස එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලාංකිකයින්ට දැනුම් දෙනවා

අද (18) උදෑසන යෙමනයේ හවුති ත්‍රස්ත සංවිධානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර ගණනාවක් සාර්ථක ලෙස අක්‍රීය කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සමත් වී තිබෙනවා

එමෙන්ම හෙට (19) දිනයේ ටෙල් අවිව් ලූනාර් උද්‍යානයේ හා ලබන 26 වැනිදා ජෙරුසෙලම් ගන්සකර් ක්‍රීඩාංගනයේ දී සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද සැමරීමේ බක්මහ උලෙළ දෙකක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව මෙම ස්ථාන දෙකම විවෘත ප්‍රදේශයන් බැවින් මෙවැනි හදිසි ප්‍රහාරයකදී ආරක්ෂා වීමට තමන් සිටින ස්ථානයට ආසන්නයෙන් ඇති ආරක්‍ෂිත කුටියකට හෝ ආවරණ ස්ථානයකට ගොස් රැකවරණය ලබා ගන්නා ලෙසයි ලාංකිකයින්ට දැනුම් දෙන්නේ

මීට අමතරව හෙට 19 පස්වරුවේ ශ්‍රී ලාංකික සංගීත ශිල්පින්ගේ සහභාගිත්වයෙන් ප්‍රසංගයක් පැවැත්වෙනවා

මේ අනුව සියලු අවස්ථාවන්ට එක්වන ශ්‍රී ලාංකිකයන් තම ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි තානාපති කාර්යාලය ලාංකිකයින්ට දැනුම් දෙන්නේ

 

Share This