ඊශ්‍රායලය යලි ඉරානයේ ඉස්ෆහාන් න්‍යෂ්ටික බලාගාරයට පහර දෙයි

ඊශ්‍රායලය යලි ඉරානයේ ඉස්ෆහාන් න්‍යෂ්ටික බලාගාරයට පහර දෙයි

ගැටුම් උත්සන්න කරමින් ඊශ්‍රායලය නැවතත් ඉරානයේ ඉස්ෆහාන් න්‍යෂ්ටික බලාගාරයට පහර දී තියෙනවා.

ඊශ්‍රායලය , ඉරානයේ ඉස්ෆහාන් න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ගනිමින් දෙවන ගුවන් ප්‍රහාර රැල්ලක් දියත් කළේ පසුගිය ජුනි 13 වන දින ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුවයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට (IDF) අනුව, ඉරාන මර්මස්ථාන ඉලක්ක කර බෝම්බ හෙලීම සඳහා ප්‍රහාරක ජෙට් යානා 50 ක් පමණ සම්බන්ධ වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඉරාන රාජ්‍යයට අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ කිසිදු භයානක ද්‍රව්‍ය කාන්දුවක් මෙම ප්‍රහාරවලින් සිදු නොවූ බවයි.

ඉස්ෆහාන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර, යුරේනියම් පරිවර්තන පහසුකම සහ න්‍යෂ්ටික ඉන්ධන නිෂ්පාදන කම්හලක් එහි පිහිටා තිබෙනවා.

ඉරානය මධ්‍යම ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල පහක් එල්ල කළ අතර, අලුයම 2:40 ට පමණ ටෙල් අවිව් සහ ඒ අවට නගර කිහිපයක ගුවන් ප්‍රහාරක සයිරන් නිකුත් කළ නව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This