ඊශ්‍රායලය සහ හමාස් අතර සටනේ සිව් දින විරාමය ආරම්භ වීමට සූදානමින්

ඊශ්‍රායලය සහ හමාස් අතර සටනේ සිව් දින විරාමය ආරම්භ වීමට සූදානමින්

ඊශ්‍රායලය සහ හමාස් අතර සටනේ දිගුකාලීන අපේක්ෂිත සිව් දින විරාමයක් නුදුරේදීම ආරම්භවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

තාවකාලික සටන් විරාමය එරට දේශීය වේලාවෙන්  07:00ට ආරම්භ වන අතර හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම එරට වේලාවෙන් 16:00ට නිදහස් කෙරෙනු ඇති බව කටාර් මැදිහත්කරුවන් පවසා තිබෙනවා

කෙසේවෙතත් මෙම ගිවිසුම යටතේ හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු දින හතරක් තුළ නිදහස් කරනු ඇති අතර ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 150 දෙනෙකු නිදහස් කරනු ඇති බවයි සඳහන් වන්නේ .

ගාසා තීරයට තවත් ආධාර ලබා දෙනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඔක්තෝබර් 7 වන දින එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,200 ක් මිය ගිය අතර 240 ක පමණ පිරිසක් ප්‍රාණ ඇපයට ගැනුණා .

එතැන් පටන් ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් 14,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

Share This