ඊශ්‍රායල්, පලස්තීන යුද්ධය ලංකාවේ ආර්ථිකයට බලපානවා – එජාපය කියයි

ඊශ්‍රායල්, පලස්තීන යුද්ධය ලංකාවේ ආර්ථිකයට බලපානවා – එජාපය කියයි

ඊශ්‍රායල්, පලස්තීන සහ යුක්‍රේන, රුසියා යුද්ධය මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන හේතු බවට පත්වෙමින් ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා.

දකුණු පළාත් සභාවේ විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික අශෝක ධනවංශ ද සිල්වා මහතා මේ බව කියා සිටියේ අද(11) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

බොහෝ සෙයින් ඉන්ධන මිල ඉහළ යාමට ඉදිරියේදීත් මෙම හේතු සාධක බලපානු ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මෙවැනි අභියෝග මධ්‍යයේ ජනාධිපතිවරයා, රට ක්‍රමානුකූලව ඉදිරියට රැගෙන යමින් පවතින බව ද ඔහු එහිදී වැඩි දුරටත් අවධාරණය කර සිටියා.

එම යුද්ධ පාලනය කළ නොහැකි කාරණා වුවත් එම අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යායුතුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

Share This