
ඊශ්‍රායල් ප්‍රහාර වලින් ගාසා ලේ විලක් වෙයි (VIDEO)
ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරය තීරයට එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 77 දෙනෙකුවත් ඝාතනය වී ඇතැයි අල් ජසීරා ලෝක සේවය පවසනවා.
උතුරු ගාසා නගරයේ පුද්ගලයින් 47 දෙනෙකු ද ඇතුළුව, නගරය අල්ලා ගැනීමට සහ එහි වෙසෙන මිලියනයක පමණ ජනතාවක් අවතැන් කිරීමට ඊශ්‍රායල් මිලිටරිය සිය ව්‍යාපාරය තීව්‍ර කිරීම සදහා මෙම ප්‍රහාර එල්ල කරනවා.
ඊයේ සිදුවූ ඝාතන අතරට පලස්තීනුවන් 11 දෙනෙකු ආහාර ආධාර ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියදී වෙඩි තබා ඝාතනය කර ඇති ඇති බවයි වාර්තා වුණේ.
පසුගිය පැය 24 ක කාලය තුළ මන්දපෝෂණයෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.
අනතුරට ලක්වූවන් අතර කුඩා දරුවන් තිදෙනෙකු ද ඇතුළත්.
ගාසා නගරයේ දී, ඊශ්‍රායල හමුදා ක්‍ෂණික ප්‍රහාර තුනක් දියත් කළ අතර, මහල් නිවාස සංකීර්ණයක් සම්පූර්ණයෙන් වනසා දමා අවම වශයෙන් පුද්ගලයන් හත් දෙනෙකුවත් මරා ඇතැයි ගාසා වාර්තා උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසනවා.
එම වාර්තා පවසන්නේ ළමුන් ඇතුළු තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ගාසා නගරයේ සිට වාර්තා කරන අල් ජසීරා හි හනි මහමුද් පැවසුවේ මෙම ප්‍රහාරය “විකාරයක් සහ අවුල් සහගත” තත්ත්වයක් ඇති කළ අතර අවට ප්‍රදේශවලට හානි සිදු වූ බවයි.
“බොහෝ ළමයින් තුවාල ලබා සිටිනවා. ඔවුන් රෝහලට පැමිණියේ ඔවුන්ගේම ලෙයින් සම්පූර්ණයෙන්ම පොඟවාගෙනයි. තුවාල වූ අනෙක් අයගේ මස් ඔහුගේ පිටේ ඇලී තිබූ එක් දරුවෙකු රෝහලට මාරු කර ඇති බව අප දුටුවා.”