ඊශ්‍රායල – ඉරාන ගැටුම ගැන ශ්‍රීලංකාවෙන් නිවේදනයක්

ඊශ්‍රායල – ඉරාන ගැටුම ගැන ශ්‍රීලංකාවෙන් නිවේදනයක්

පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සදහා රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් හි නිරත වන්නැයි ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරාණයෙන් ඉල්ලා සිටිනවා.

විදේශ කටයුතු,විදේශ රැකියා,සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඊශ්‍රායලය සහ ඉරාණය අතර මෑත කාලයේ වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබදව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමුකර ඇති බවයි.

දෙරට අතර කටයුතු සාමකාමීව සිදුකරන ලෙසත් ,සාකඡාවල නිරතවන ලෙසත් නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සදහා රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් ශ්‍රී ලංකා රජය එම නිවේදනයෙන් ඉල්ලා සිටිනවා.

දෙරටේ තිබෙන ශ්‍රී ලංකා ධූතමණ්ඩල මගින් තත්ත්වය සමීපව නිරීකෂණය කරමින් සිටින අතර දෙරටේ සිටින ශ්‍රී ලාංකිකයින් සමග සම්බන්ධීකර්කයෙන් යුතුව කටයුතු කරන බව එම නිවේදනයේ සදහන්.

Share This