ඊශ්‍රායල – හමාස් ගිවිසුම දීර්ඝ කරයි

ඊශ්‍රායල – හමාස් ගිවිසුම දීර්ඝ කරයි

ඊශ්‍රායල – හමාස් ගිවිසුම දින 2කින් දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඊට මැදිහත්කරුවෙකු ලෙස කටාර් රාජ්‍යය නිවේදනය කරන්නේ, දැනට පවතින මැදිහත්වීමේ කොටසක් ලෙස මානුෂීය සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බවයි

මූලික සටන් විරාමය අතරතුර හමාස් සංවිධානය විසින් සිවිල් ප්‍රාණ ඇපකරුවන් ලෙස කාන්තාවන් සහ ළමුන් 50 දෙනෙකු නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කළා

කෙසේ වෙතත් ගාසා තීරයේ ආරම්භක සිව් දින සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙරයි මෙම දීර්ඝ කිරීම සිදු කර ඇත්තේ

Share This