ඊශ්‍රායල හමුදාවේ අමානුෂික ක්‍රියාවක් ගැන හෙළිවූ දේ (VIDEO)

ඊශ්‍රායල හමුදාවේ අමානුෂික ක්‍රියාවක් ගැන හෙළිවූ දේ (VIDEO)

පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරය ආශ්‍රිතව ඊශ්‍රායල හමුදාව සිදුකළ මෙහෙයුමක් අතරතුරදී සිදුකළ අමානුෂික ක්‍රියාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බලධාරීන් පවසනවා.

එහිදී ඊශ්‍රායල හමුදා භටයින් පිරිසක් විසින් තුවාල ලබා සිටි පලස්තීන වැසියෙක්ව සිය ජීප් රථයේ බොනට්ටුවේ ගැට ගසාගෙන හමුදා මෙහෙයුම සිදුකර ඇති ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

තුවාල ලබා සිටි පුද්ගලයා සැකකරුවෙක් වුවද ඔහුට සිදුකළ දේ අනුමත නොකරන බව ඊශ්‍රායල හමුදා බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

 

 

Share This