ඊශ්‍රායල හමුදාව ගාසාහි නසාර් රෝහල වටලයි

ඊශ්‍රායල හමුදාව ගාසාහි නසාර් රෝහල වටලයි

ඊශ්‍රායල හමුදාව විසින් ගසාහි නසාර් රෝහල වටලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රෝහල වැටලීමේදී ත්‍රස්තවාදී සැකකරුවන් රැසක් අල්ලා ගත් බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රධාන ප්‍රකාශක, රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ, අල්ලා ගත් අය අතර ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රායලය තුළ හමාස් ප්‍රහාරයට සහභාගි වූ අයෙක්, ගාසා තීරයට ප්‍රාණ ඇපකරුවෙකු රැගෙන ගිය හමාස් හි ගිලන් රථ රියදුරෙකු සහ සන්නද්ධ සාමාජිකයෙකු සිටින බවයි.

Share This