
ඊශ්‍රායල හමුදාව විසින් හමාස් ප්‍රධානියෙකුගේ පවුලේ අය ඝාතනය කරයි
ඊශ්‍රායලය හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ප්‍රධානියෙකුගේ පවුලේ සාමාජිකයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඒ අනුව හමාස් ප්‍රධානියෙකු වන ඉස්මයිල් හනියේගේ සහෝදරිය ඇතුළු පවුලේ සාමාජිකයන් 10 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උතුරු ගාසා තීරයේ අල්-ෂාටි සරණාගත කඳවුරේ ඔවුන් සිටි නිවසට අදාළ ප්‍රහාරය එල්ල වී තිබෙනවා.