ඊශ්‍රායල හමුදා මානව හිමිකම් කඩකළ බව එක්සත් ජනපදය පවසයි

ඊශ්‍රායල හමුදා මානව හිමිකම් කඩකළ බව එක්සත් ජනපදය පවසයි

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තනි පුද්ගල සිද්ධීන්වලදී බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා ඒකක පහක් වගකිව යුතු බව සොයාගෙන තිබෙනවා.

එහෙත් ඔවුන්ට දිගටම එක්සත් ජනපද හමුදා සහාය ලැබෙන බව සඳහන්.

රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක වේදන්ට් පටෙල් පැවසුවේ ආරක්ෂක හමුදා ඒකක පහක් බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බවයි.

එම හමුදා ඒකක පහෙන් හතරක් මෙම උල්ලංඝනයන් ඵලදායී ලෙස සමනය කර ඇති බවත් හවුල්කරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ එය බවද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක වේදන්ට් පටෙල් සඳහන් කරනවා.

ඉතිරි ඒකකය සඳහා ඊශ්‍රායල රජය සමඟ උපදේශන සහ සම්බන්ධවීම් දිගටම සිදුකරගෙන යන බවද ඔහු මෙහිදී කියා සිටියා.

මෙහිදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී වධහිංසා පැමිණවීම, නීති විරෝධී ඝාතනය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සහ ස්ත්‍රී දූෂණය එවැනි ආකාරයේ උල්ලංඝනයන් ලෙස සලකන බව එක්සත් ජනපද රජය සඳහන් කරන බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This