උගන්ඩාවේ බෝට්ටු අනතුරකින් 20 දෙනෙකු මරුට

උගන්ඩාවේ බෝට්ටු අනතුරකින් 20 දෙනෙකු මරුට

උගන්ඩා මුහුදේදී බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ පුද්ගලයින් 34 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කෙරෙන බවයි එරට පොලිසිය පවසන්නේ

මේ වනවිට පුද්ගලයන් 9 දෙනෙකු බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

අධික බර පැටවීම සහ අයහපත් කාලගුණය අනතුරට හේතුව ලෙසටයි හඳුනාගෙන ඇත්තේ

අතුරුදහන්වූවන් සොයා ගැනීම සඳහා පොලිස්, හමුදා සහ ප්‍රාදේශීය ප්‍රජා කණ්ඩායම් ඒකාබද්ධව ගලවා ගැනීමේ ප්‍රයත්නයන් ක්‍රියාත්මක කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This