උගන්ඩාවේ ‘Ebola වෛරසය’ ආසාදනය වුණු අයෙක් මරුට

උගන්ඩාවේ ‘Ebola වෛරසය’ ආසාදනය වුණු අයෙක් මරුට

මධ්‍යම උගන්ඩාවේ ‘Ebola වෛරසය’ ආසාදනය වූ 24 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙන බව එරට සෞඛ්‍ය නිලධාරීන් විසින් තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම පුද්ගලයා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් ඔහු කම්පාලා අගනුවර මුබෙන්ඩේ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් බවත්ය

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සැක සහිත රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් අට දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, බලපෑමට ලක් වූ ප්‍රදේශයට සෞඛ්‍ය කාර්යය මණ්ඩලය යවන බවත්ය

එමෙන්ම වෛරසය ඉක්මනින් හඳුනා ගැනීමට ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ආසාදන පැතිරීම නැවැත්වීම සඳහා කටයුතු කරන බව අප්‍රිකාවේ WHO කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය මැට්ෂිඩිසෝ මොයිටි පවසා තිබෙනවා

මේ පිළිබඳව උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ ට්විටර් සටහන පහතින් දැකිය හැකියි

Share This