උඩරට දුම්රිය  මාර්ගයේ තවත් දුම්රිය ගමන්වාර 07 ක් අවලංගුයි

උඩරට දුම්රිය මාර්ගයේ තවත් දුම්රිය ගමන්වාර 07 ක් අවලංගුයි

උඩරට මාර්ගයේ ඊයේ (19) සවස දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අද (20) රාත්‍රී තැපැල් දුම්රියන් ඇතුළු තවත් දුම්රිය ගමන්වාර 07 ක් අවලංගු කර තිබෙනවා.

ඊයේ දින ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටී සිදු වූ දුම්රිය පිලී පැනීම හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන් වාර 07 ක් අවලංගු කිරීමට කටයුතු කළා.

කඩිගමුව හා බලන අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී තිබීම හේතුවෙන් එම ස්ථානය වෙත ළගා වීම දුෂ්කරව තිබෙනවා.

මේ හේතුවෙන් අද දින සවස හා රාත්‍රී පහත සඳහන් දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට කටයුතු යොදා ඇති බව දුම් රිය පාලක මැදිරිය පවසනවා.

📍 03.35 කොළඹ කොටුව සිට මහනුවර

📍04.35 කොළඹ කොටුව සිට මාතලේ

📍05.15 කොළඹ කොටුව සිට මහනුවර

📍 05.55 කොළඹ කොටුව සිට මහනුවර

📍 08.30 කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

🔇 03.25 මහනුවර සිට කොළඹ කොටුව

🔇 06.00 බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ඇතුළුව අද දින ගමන් වාර 18 ක් අවලංගු කර තිබෙනවා.

Share This