උඩරට දුම්රිය මාර්ගයේ හෙටත් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගුයි

උඩරට දුම්රිය මාර්ගයේ හෙටත් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගුයි

උඩරට මාර්ගයේ හෙට උදෑසනත් දුම්රිය ගමන් වාර 04 අවලංගු කෙරේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත පස්කඳු දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පිලී පැනීම නිසා අද දින උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා මතු වුණා.

බලන හා ඉහළ කෝට්ටේ අතර පස් කඳු කඩා වැටීම හා දුම්රිය මාර්ගයට ආසන්නව ස්ථාන දෙකක මාර්ගය නාය ගොස් ඇත.

මේ හේතුවෙන් අද දින දුම්රිය ගමන් වාර 18 ක් අවලංගු වූ අතර හෙට උදැසන මහනුවර හා මාතලේ සිට කොළඹ කොටුව හා බෙලිඅත්ත බලා ධාවනය වන පහත දුම්රිය 04 ද දැනට අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

📍04.30 මහනුවර සිට කොළඹ කොටුව

📍04.50 මාතලේ සිට කොළඹ කොටුව

📍05.00 මහනුවර සිට බෙලිඅත්ත

📍06.15 මහනුවර සිට කොළඹ කොටුව

Share This