උණ රෝගයක් නිසා යුද හමුදා කඳවුරක් නිරෝධායනයට

උණ රෝගයක් නිසා යුද හමුදා කඳවුරක් නිරෝධායනයට

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා පුහුණු කඳවුරක සෙබළුන් පිරිසක් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම කඳවුරේ සෙබළුන් 25 දෙනෙකු පමණ මෙම උණ රෝගී තත්ත්වයට ලක්ව ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් සෙබළුන් දෙදෙනෙකු කොළඹ IDH රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

Share This