
උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි (VIDEO)
ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා.
ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ, සංස්කෘතික හා ආගමික, අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු වූ බව සඳහන් වේ.
එදා දේවානම්පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය ,මිහින්තලය ආලෝකමත් වූවා පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් වුණා.
එවක් පටන් බෞද්ධයෝ විසින් පොසොන් පුර පෝය දිනය ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වනවා.
මෙවරත් ජාතික පොසොන් උත්සවය මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගන් පැවැත්වෙන අතර අනුරාධපුර අටමස්ථානය ඇතුළු දිවයිනේ සෑම වෙහෙර විහාරයකම විවිධ පිංකම් සංවිධාන කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව පසුගිය 07වන දා සිට ලබන 13 වැනිදා දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කරා.
එමෙන්ම මෙවර ස්වර්ණවාහිනී මාධ්‍යජාලයේ ස්වර්ණ වර්ණ පොසොන් මංගල්‍යය අද (10) කතරගම කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන අතර තායි භික්ෂුන් වහන්සේලා සියක් නමක් පිණ්ඩපාත චාරිකාවේ වඩින ප්‍රතිපත්ති පූජාමය මහා දහම් පාද යාත්‍රාව කතරගම කිරිවෙහෙර පුදබිමේ සිට කොළොම්තොට දක්වා ගමන් කරනු ඇති.
‘සියම් දහම් පාද යාත්‍රා 2025’ සිය දහස් ගව් දුර වඩින මහා සඝ රුවනට දන් පැන් ගිලන්පස පූජා කර ආශීර්වාද පිං අනුමෝදනා ලබන්නට සැදැහැ සිතින් ඔබත් එක්වන්න.