උතුරු කොරියානු නායකයාගේ සංචාරයේදී කිසිදු ගිවිසුමක් අත්සන් නොකළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

උතුරු කොරියානු නායකයාගේ සංචාරයේදී කිසිදු ගිවිසුමක් අත්සන් නොකළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සංචාරයේදී කිසිදු ගිවිසුමක් අත්සන් නොකළ බව රුසියාව පවසනවා

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වාර්තාකරුවන්ට පවසා තිබෙන්නේ මෙම සංචාරයේදී කිසිදු විධිමත් ගිවිසුමක් අත්සන් කිරීමේ සැලසුමක් නොතිබූ බවත්, උතුරු කොරියානු නායකයා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග විවිධ වූ කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවත්ය.

කිම් ජොන් උන්ගේ මෙම සතියේ සිදුවූ රුසියානු සංචාරයේ දී වැදගත් කරුණු රැසක් සාකච්ඡා කර ඇති අතර රටවල් දෙක අතර වසර 100කට වඩා පැරණි මිතුදම පිළිබඳවද සිහිපත් කර තිබෙනවා

වෙඩි නොවදින පෞද්ගලික දුම්රියකින් රුසියාවට පැමිණි උතුරු කොරියානු නායකයා බටහිර සම්බාධක යටතේ පවතින රුසියානු ප්‍රහාරක ජෙට් කම්හලක්ද පරීක්ෂා කිරීමට එක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එහිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට ආරාධනා කළ බවද සඳහන් වනවා

උතුරු කොරියානු නායකයාගේ සංචාරය යුක්‍රේනයේ පවතින යුද්ධයට එරෙහිව රුසියානු මිලිටරිය ශක්තිමත් කිරීමට සහ Pyongyang ගේ මිසයිල වැඩසටහන ශක්තිමත් කිරීමට එක්වූවක් බව වොෂින්ටනය සඳහන් කර තිබෙනවා

Share This