උතුරු කොරියානු නායකයා රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි

උතුරු කොරියානු නායකයා රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියාවේ ආරක්ෂක අමාත්‍ය Sergei Shoigu හමුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එහිදී දෙපාර්ශ්වයම සබඳතා වැඩි දියුණු කිරීමට පොරොන්දු වූ බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ

Sergei Shoigu විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ලිපියක් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත භාර දුන් බවද සඳහන් වනවා

Sergei Shoiguගේ නායකත්වයෙන් යුත් හමුදා දූත පිරිසක් එවීම ගැනද උතුරු කොරියානු නායකයා පුටින්ට ස්තූතිය පුද කර තිබෙනවා

උතුරු කොරියාවේ “ජයග්‍රහණ දිනය” ලෙස සමරනු ලැබූ කොරියානු යුද්ධය අවසන් වීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් රුසියානු දූත පිරිස සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික Li Hongzhongas ඇතුළු චීන නියෝජිත පිරිසක් මේ සතියේ උතුරු කොරියාවට පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This