උතුරු කොරියාවේ දෙවන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවත් අසාර්ථකයි

උතුරු කොරියාවේ දෙවන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවත් අසාර්ථකයි

උතුරු කොරියාව විසින් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට ගත් දෙවන උත්සාහය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මිට මාස තුනකට පෙර පළමු දියත් කිරීම සිදු කළ අතර එය මුහුදට කඩා වැටී අසාර්ථක භාවයට පත්වුණා

ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් අවශ්‍යව ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට,පැමිණෙන ප්‍රහාර නිරීක්ෂණය කිරීමට සහ ඔහුගේම සැලසුම් වඩාත් නිවැරදිව සැලසුම් කිරීමට ඉඩ සැලසීම සඳහා බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Pyongyang හි අභ්‍යවකාශ ඒජන්සිය පවසා ඇත්තේ එය ඔක්තෝබර් මාසයේදී නැවත උත්සාහ කරන බවයි.

මේ අතර දකුණු කොරියාව පැවසුවේ, රොකට්ටුව දියත් කිරීම එරට දේශීය වේලාවෙන් 03:50 ට සිදු කළ බවත්, එය චීනයේ ප්‍රධාන භූමිය සහ කොරියානු අර්ධද්වීපය අතර කහ මුහුද හරහා ජාත්‍යන්තර ගුවන් සීමාව හරහා පියාසර කළ බවත්ය.

දියත් කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු ජපානයේ දකුණු දෙසින් පිහිටි ඔකිනාවා ප්‍රාන්තයේ හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් නිවැසියන්ට ගෘහස්ථව සිටින ලෙස ඉල්ලා තිබෙනවා

විනාඩි 20 කට පමණ පසු අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බව සඳහන්

මෙම දියත් කිරීම හෙළා දකිමින් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පවසා ඇත්තේ මෙවැනි හැසිරීම එක්සත් ජාතීන්ගේ යෝජනාවලට පටහැනි වන බවත් දැනටමත් දැඩි ලෙස එයට විරෝධය පළ කරමින් සිටින බවත්ය

Share This