උතුරු කොරියාවේ දේශසීමා තරණය කළ අමෙරිකානු ජාතිකයෙකු රඳවා ගනී – එක්සත් ජාතීන්ගේ සංවිධානය

උතුරු කොරියාවේ දේශසීමා තරණය කළ අමෙරිකානු ජාතිකයෙකු රඳවා ගනී – එක්සත් ජාතීන්ගේ සංවිධානය

උතුරු කොරියාවේ දේශසීමා තරණය කළ අමෙරිකානු ජාතිකයෙකු රඳවාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

චාරිකාවක යෙදී සිටි එක්සත් ජනපද ජාතිකයෙක්, අවසරයකින් තොරව දේශ සීමා තරණය කරමින් ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

දකුණු කොරියාවෙන් උතුර වෙන් කරන යුද මුක්ත කලාපය සහ ඒකාබද්ධ ආරක්ෂක ප්‍රදේශය (JSA) ක්‍රියාත්මක කරන එක්සත් ජාතීන්ගේ විධානය සඳහන් කර ඇත්තේ එම පුද්ගලයා අවසරයක් නොමැතිව ඇතුළු වී ඇති බවයි.

ඔහු මේ වනවිට කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව (DPRK) භාරයේ සිටින බවත් මෙම ගැටළුව විසඳීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This