උතුරු ගාසා තීරයෙන් පුද්ගලයින් 500,000ක් පිටව ගොස් ඇති බවට වාර්තා

උතුරු ගාසා තීරයෙන් පුද්ගලයින් 500,000ක් පිටව ගොස් ඇති බවට වාර්තා

උතුරු ගාසා තීරයෙන් පුද්ගලයින් 500,000 ක් පිටව ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) ජාත්‍යන්තර ප්‍රකාශක ලුතිනන් කර්නල් ජොනතන් කොන්රිකස් සඳහන් කරනවා

එමෙන්ම දකුණට යාමට උත්සාහ කරන අයට හමාස් සංවිධානය විසින් අපහසුතා ඇති කරන බවටයි ඔහු චෝදනා කරන්නේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ආරක්ෂිත ඉවත් කිරීමේ මාර්ග දෙකක් පවත්වාගෙන යන අතර, මිලිටරි මෙහෙයුම ඉදිරියට යාමේදී ,සිවිල් වැසියන් ගාසා නගරයේ රැඳී සිටීම අනාරක්ෂිත වනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඊශ්‍රායල හමුදාව විසින් ආරක්ෂිත යැයි හඳුනාගත් මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයන් ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාරය ගැන ලුතිනන් කර්නල් කොන්රික්ස් සඳහන් කර තිබෙන්නේ ඔවුන් සක්‍රීයව සිවිල් වැසියන් ඉලක්ක නොකරන බවයි.

මෙම ප්‍රහාරයෙන් 70 දෙනෙක් පමණ මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

Share This