උතුරු දුම්රිය මාර්ගය වසා දැමීමේ සූදානමක්

උතුරු දුම්රිය මාර්ගය වසා දැමීමේ සූදානමක්

පාලම් 5ක ප්‍රතිසංස්කරණ කටයුතු නිසා ප්‍රධාන දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටසේ මාසයක පමණ කාලයක් දුම්රිය ධාවනය අත්හිටුවීමක් සිදුකිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.

ඉන්දියන් ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන නවදහසකට වැඩි වියදමින් මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමකරනු ලැබුවේ 2024 සැප්තැම්බර්දීයි.

මෙම කොටසේ වසර 100ක් පමණ පැරණි එම පාලම් 5ක් තිබෙනවා.

ඒවා ඉවත් කර අලුතින් පාලම් සවි කළ යුතු අතර දැනට එම පාලම් පහ මෙරටට ගෙනැවිත් තිබෙනවා.

පාලම් පහ ඉන්දියන් ණය ආධාර යටතේ ඉදිකෙරෙන අතර ඒ සඳහා වැයකෙරෙන මුදල ඩොලර් මිලියන 15ක්.

 

Share This